Wednesday, February 23, 2011

අපේ ප්‍රථම වැලන්ටයින් තෑග්ග......


එදා පැය 3ක් 4ක් අපි එහෙම ඉන්න ඇති, ටිකක් හැන්දෑ උනාට පස්සෙ රේල් පාර දිගේ එයාලගෙ ගෙවල් ලඟට යන්න තියෙන කිලෝමීටර් 5 ඇවිදගෙන ගියා. යන්තම් අතකින් අල්ලගෙන රෑ වෙන වෙලාවෙ රේල්පාර දිගේ යන එකේ ෆන් එක දන්නෙ එහෙම ගියපු අයම තමයි. කථාකරපු වැඩක් ඇති දෙයක් නම් නෑ, එක එක විකාර කියෙව්වා මිසක.

එයාගෙ ගෙදර ලඟට ගිහින් ඇරලලා ආපහු එන අතරෙත් ෆෝන් එකෙන් කථාව, කොහොම හරි ආයෙ මම ගාල්ලට එනකොට (පයින් තමා සල්ලි වැඩි වෙලාය?) 8.30ත් පැනල. වෙලාවට බැටරි ඩෙඩ් උනා, නැත්තම් මට ගෙදර යන්න වෙන්නෙත් කථාකර කර.

මං කලින් කථාවෙදිත් කිව්වනෙ මට කල්පනා කරන්න මතක් වෙන්නෙ බස් එකට නැග්ගමය කියල. ඔන්න ගෙදර යන බස් එකේදි දවසෙ ඔක්කොම මතක් උනා. කථාකරපු දේවල්, කරපු දේවල් හැම දේම.

එහෙනම් බයිටක් නෙමෙයි, පළවෙනි එක්සෑම් එකෙන් එයා පාස්. ඉස්සෙල්ල මම එයාව සීරියස් නොගත්තට දැන් මට නිකම් හිතෙනව මටත් මෙයා නැතුව බැරි ගතියක්. හරියට ඇඟේ කොටසක් අඩුයි වගේ, දවසම කෙල්ලෙක් එක්ක ඉඳල ගෙදර ගියාම එහෙම හිතුන පළවෙනි වතාව ඒ. ගෙදර ගිහින් gtalk ලොග් උනාම ආයෙත් ටිකක් හරි ඒ ගතිය අඩු උනත්, ඇත්තට ලඟින් ඉන්න තරම් හැඟීමක් දෙන්න බෑනෙ අකුරු වලට?

ඊලඟ සතියෙනම් මට මිස් උනා එයා හම්බ වෙන එක, ඊට පස්සෙ සතියෙ බ්‍රහස්පතින්දා උදේ නැගිටිනකොටම මැසේජ් එකක් තියෙනවා අද නිවාඩුයි හවසත් ක්ලාස් නෑ, කරදරයක් නැත්තම් දකින්න ආසයි කියල. නැගිටලා කැලන්ඩරේ බැලුවම තමයි මෙයාගෙ මේ කරුණාව මොකද කියල තේරුනේ එදා පෙබරවාරි 14ර. :)

මට නම් එතකොට සිරාවට තද උනා. කොහොමත් ඒ එක දවසක් විතරක් සමරනවට මගේ ඒ හැටි කැමැත්තක් නෑ. ඒත් දැන් බැනලා වැඩක් තියෙනවය? මම එනව කියල රිප්ලයි කලානෙ? දැන් ඉතින් පලයංකො. උදේ 8ට විතර එනව කියපු තැනට ගියා. මම එනව කිව්වෙ 7ට ;) . යනකොට මෙන්න ඉන්නව කියපු විදියටම, පොඩ්ඩක් මූණ මැල වෙලා පරක්කු නිසා වෙන්න ඇති.

"මොකෝ මූණ දෙක කරගෙන...?"

"මොකුත් නෑ.... අපි යමුද?"

දැන් එක එක වල් පල් කතාකර කර ගාල්ල පැත්තට ආව. එක්කෙනෙක්වත් කථාකලේ නෑ අද දවස ගැන ;)

"අයියෙ....."

"හ්ම්...."

"මට අද ඔයාට කෑම එකක් ගේන්න බැරි උනා...." බිම බලාගෙන කිව්ව. ලොකු වැරැද්දක් කලා වගේ.

"හපෝ ඒකට මොකද?"

"ඇත්තටමද?"

"හයියෝ ඒකද මූණ දෙක කරං ඉන්නෙ. ඕක කියන්නත් දෙයක්යැ?"

"හ්ම් හ්ම්.... "

"මේ ඔයා කාලද?"

"ඒකට කමක් නෑ..."

මට තේරුනා මේකි මම 7ට එනව කියපු නිසා දුවගෙන ඇවිත් කියල ඔක්කොම දමල ගහල. පව්... එක්ක ගියා අපි හැමදාම යන චයිනාටවුන් වල අපේ පුරුදු කෑම කඩේට. අතේ මහ සල්ලියක් තිබුනෙ නෑනෙ. කෙල්ලෙක් හිටියා කියල දිව්යභෝජන දෙන්නයැ? අපි කන කෑම තමයි දෙන්න වෙන්නෙ.

"පාං කමුද?"

"හාහ්"

"පරිප්පු කමක් නෑනෙ?"

"හා හොඳයි"

"අයියෙ පාං එකයි, පරිප්පුයි ප්ලේන්ටි දෙකයි...." වේටර් අයියට කිව්ව.. අඳුනන එකා හින්ද ඌත් කිණ්ඩියට හිනාවක් දාගෙන ගෙනත් දුන්න කපාපු පානුයි පරිප්පුයි. මෙන්න වැඩක් මෙයා මගේ අත කොනිත්තනව.

"මොකෝ... කෑම හරි නැද්ද?"

"නෑ"

"එහෙනම්?"

"එක තේ එකක් ගන්න" මෙයා කොඳුරණව

ජෝක් එකක්ද කියල බලන්න මූණ බැලුව. නෑ එයා සීරියස්.

"මචං එක ප්ලේන්ටියයි."

අයියාකාරය ප්ලේන්ටි එක ගේනකොට පාං එක සුද්දයි. අද නම් කව කව ඉන්න ගියෙ නෑ කඩේ මිනිස්සු වැඩියි.

"ඇයි එකක් ගේන්න කිව්වෙ?"

"මටත් ඔයාගෙ කෝප්පෙන් බොන්න ඕනෙ..."

හුටා මාර අදහස්නෙ තියෙන්නෙ. අවුලක් නෑ උගුරක් බීල කෝප්පෙ දික් කලා මගෙ අතත් එක්කම කෝප්පෙ අල්ලල මගෙ අතේ තියෙද්දිම යන්තම් උගුරක් බිව්ව. කඩේ උන්ට සිරා ඇඩ් එක ;) වේටර් අයිය හිනාවක් දාගෙන ගියා, එහා මේසෙ හිටපු ඇන්ටි කෙනෙක් ගස්සලා අහක බලාගත්ත. එයත් එක්ක ආපු අංකල් නම් කට පුරා මනුස්ස හිනාවක් දැම්ම. පරණ කාලෙ මතක් වෙන්ඩ ඇති. එයාටත් පස්සෙයි වැඩේ තේරුනේ, කම්මුල් දෙක රතු වෙලා.

"කමක් නෑ පැටියො..." මං කිව්ව. හරිමගුලක්නෙ අපිට මොකද මොකා හිනා උනත් ;)

බිල ගෙවල එලියට ආවට පස්සෙ දෙන්නටම හිනයි. එයා මගෙ අත තවත් තද කරල අල්ලගෙන හිනා වෙනව. හරි මගෙ දෙවෙනි ටෙස්ට් එකත් හරි. පහසුවෙන් පෝශනය කරන්න පුලුවන්..

"මේ...."

"ඇයි...." ඒකි මගෙ මූණ බලනව. උරහිස ගාවට විතරක් නිසා අහස බලන විදියට මගෙ මූණ බලන්න වෙන්නෙ ;)

"ඒක තමයි මගෙ වැලන්ටයින් ගිෆ්ට් එක..."

"පරිප්පුයි පානුයිද?"

"ඔව් මොකෝ.... බඩ පිරුනනෙ?" කෙල්ල බිම බලාගෙන හිනාවෙනව. ටිකක් වෙලා ගිහින්

"ඉතින් අපි කොහෙටද යන්නෙ?" ඇහුව.

"ලයිබ්‍රි එකට" පොත් රාක්ක අතරෙ සෑහෙන්න නිදහස්නෙ, අනික කෙනෙක් අඳුන ගන්න හොඳම විදිය එයා කියවන, බලන දේවල් දැනගන්න එක. හප්පේ ගියාමයි තේරුනේ, මේකිටත් මට වගේම පිස්සු. පොත් දැක්කම මාවත් අමතකයි. අතට ගත්ත පොත් වලට හිනත් ගියා මට. මගේම ටේස්ට් එක නොවුනත් සෑහෙන්න ලඟින් යනව. යන්තම් ඇති පොත් වියදම ඉතුරුයි, එක්කෙනෙක් ගත්තාම ඇතිනෙ දැන් ;), පැයක් විතර තෝරලා තෝරලා යාන්තම් එක පොතක් තෝරගත්ත (පොත් දෙකයි පුළුවන් එදා, මම ගත යුතුම එකක් තිබුනා. එයා ලයිබ්‍රි පොත් අරගෙන ඇවිත් තිබුනෙ නැහැ.) ඒ අරගෙන ආපහු පල්ලම් බැස්ස.

"දැන්..."

"කොහාටද යන්න ඕනෙ...?"

"නිදහස් තැනකට මොකක් හරි...."

අද නම් පාක්, කොටුව කිට්ටු කරන්න බෑ.... තේරුමකුත් නෑනෙ නිකම් ඉල්ලගෙන කන්න.

"යමුද ඉඳුරුවෙ"

"ඉඳුරුවෙ? අළුත්ගම ලඟ නේද?"

"ඔව් යමුකො....."

ඉඳුරුවෙ අය දන්නව ඇති ඒකෙ ඇතුල්පාරක ගියාම තියෙන ටිකක් ලොකු පන්සල ගැන. මම ඒහරියෙ කලින් වැඩකරපු නිසා ටිකක් දන්නව පළාත. බස් එකේ ගිහින් ඉඳුරුවෙ බැහැලා පයින්ම පන්සලට එක්ක ගියා. සෑහෙන්න දුරක්. ඒත් එයා වචනෙකින්වත් අමාරුවක් පෙන්නුවෙ නෑ.

පන්සල සෑහෙන්න නිදහස්, එයා වැඳල එනකම් මම හිටිය (මම ඉතින් ;) ) ඊටපස්සෙ පන්සල ඉස්සරහ ගලක් උඩ සෑහෙන්න වෙලාවක් ඉන්න ඇති. එහෙම ඉඳල ආපහු එන ගමන් බීච් එකටත් ගොඩ වෙලා එතනත් ඉඳලා ගෙදර එන්න පිටත් උනා. මුළු කාලෙම එයා මගේ ඇඟේ කොහේ හරි අල්ලගෙන. හරියට මාව හුලඟට ගහගෙන යයි කියල බයේ වගේ. කථා කරන්න කරන්න මෙයා ගැන මගෙ හිතේ තිබ්බ අවුල නැති වෙලා ගියා. දැන් මට සිරාවට හිතෙනව මගේ other half එක හම්බ උනා කියල.

අපි දෙන්න ආයෙ ගාල්ලට එනකොට ටිකක් හවස් වෙලා. හැන්දැවෙ.. ආයෙත් ගෙදරට යන රේල් පාර දිගේ... ඒ මගක් හරියට යනකොට මාතර-කොලඹ රේල් පාරවල් වෙන් වෙලා යන හරියෙ තිබ්බා ලවර්ස් ලේන් කියල පටු පාරක්. දැන් නම් වහලා දාලා. ඒකාලෙ පාක් එකෙන් එලවනකොට කට්ටිය එන තැන මේක, එතන හිස් අද,පොලිසියෙන් සුද්ද කරලද දන්නෙ නෑ. මම ඒක එයාට පෙන්නුවම මෙන්න මේකි කියපි බලන්න ඕනෙය කියල ගිහින්.

ටිකක් එතනින් ඇතුළු උනාම අඳුරුයි. මෙයා තවත් මගෙ අත උර හිසට ලගින්ම වගේ අල්ල ගත්ත. මම හෙමිහිට එයාව ඉස්සරහට හරවගෙන අත් දෙකෙන් අල්ලගත්ත.

"සුදූ.... බය උනාද?"

"නෑ....... මෙතන ටිකක් අඳුරුයිනෙ...."

"හ්ම්......"

මම දැන් එයාගෙ ඇස් දිහා බලාගෙන. ඒ අහිංසක ඇස් මොකක්හරි ඉල්ලනවා වගේ. ඒ අතරෙ මගෙ අත් දෙකට තේරෙනව එයා යන්තම් වෙවුලනව. මට ඒ වෙලාවෙ මොකක් උනාද කියල හිතාගන්න බැහැ. මට එයාගැන හරි ආදරයක් හිතුන එකපාරටම. ලස්සනම ලස්සන පුංචි කෙල්ලෙක්, මගෙ අත් දෙකෙන් හිර වෙලා. ඇස් දෙකෙන් ඇස් දෙක බලාගෙන.. ඒ වෙලාවෙ හිතට එන දේවල් හිතාගන්න පුළුවන් නේ?

මම ඔලුව යන්තම් පහත් කරලා එයාගෙ ලපටි තොල් දෙක උඩට යන්තම් කිස් එකක් දුන්න. කෙල්ල දැන් තවත් බය වෙලා වගේ. ඒත් එහාට යන්න හැදුවෙ නැහැ. ඇස් දෙක පියාගෙන...... මම කම්මුලකුත් යන්තම් කිස් කරල ආයෙත් එක තොල්පටක් අල්ලගත්ත...... ...... .... එයාට පුරුද්දක් නම් නැහැ. ඒත් කිසිම විදියකින් විරුද්ධ උනේ නැහැ.... මම එහාට උනා...

"සොරි නංගි...... මට කන්ට්‍රෝල් නැති උනා ඔයාගෙ ලස්සනට... අනේ තරහ වෙන්න එපා...."

ඇත්තටම එවෙලෙ මට මාවම පාලනය කරගන්න බැරුවගියා.

"කමක් නෑ අයියෙ....... මම තරහ නෑ....." තාමත් ගොත ගැහෙනව.... ඒත් කෙල්ල ok...

මම එයා ඇඟ දෙපැත්තෙන් අල්ලගෙන හිටපු අත් බුරුල් කලා. ටිකක් ලතවෙවී ඉඳල එයාම එයාගෙ පුංචි අත් දෙක මගෙ කරට උඩින් දැම්ම. හරියට පොඩි දරුවෙක් තාත්තගෙ කරේ එල්ලෙනව වගෙ.. තව මොනවට බලන් ඉන්නවද... මම ආයෙත් පහත් වෙලා එයාගෙ තොල්......

අපි එහෙම තව විනාඩි 20ක් විතර ඉන්න ඇති. දෙන්නගෙම අත් හිරිවැටෙන්න උනාම අතෑරිය..

ආපහු ගෙදර එනගමන් දෙන්නට දෙන්නගෙ මූණ බලන්න බැ. ඒත් එයා මගේ අත අත් දෙකෙන්ම බදාගෙන හිටපු එක නම් අතෑරියෙ නැහැ.

ගෙදරට ලං උනා. මට එන්න පුළුවන් අන්තිම තැනට ආවම එයා නිශ්ෂබ්ද තාවෙ බින්ද...

"අයියෙ..... thanks....."

මම මුකුත් නොකිය එයාගෙ නළල කිස් කලා..

"පරිස්සමෙන් යන්න....."

ආපහු ගෙදර ආවමයි ෆෝන් එක බැලුවෙ. එයාගෙන් මැසේජ් එකක්

"අයියෙ ලෝකෙන්ම හොඳම gift එකට ගොඩක් පින්.....!"

ඒකට මම රිප්ලයි කරපු කට කැඩිච්ච කථාව මෙතනට අදාල නැත ;)

11 comments:

  1. ඉන්න මූඩ් එකේ අවුලක් නිසාද මන්ද.. මට හිතුනේ " ඇයි යකෝ මෙව්ව ලියන්නේ "

    හි හි... නෑ මේ දවස්වල ඉන්නෙ මට මාත් එක්ක අම්බානෙක මල පැනල... ඒත්

    මේ කතාව කියෙව්වම මට මතක් උනේ ඉස්සර ස්කෝලෙ කාලේ.. මගේ බ්ලොග් එක බලපන් ඒකෙත් මම ලිව්ව ඔය කාලෙම කතාවක්.. ඔක්කොම කොටස් ටික කියෙව්වා.. අහම්බෙන් සෙට් උනේ මේ බ්ලොග් එක. ගමේ කොල්ලෙක් නේ..

    අර රත්තරන් 2 අපේ කාලේ උපරිම 12යි.. ඒ කියන්නේ උබ තාම හිච්චි එකෙක්. හික් හික්... ඔව් නේ. අපේ කාලේ මොබයිල් වත් තිබ්බෙ නෑ ලව් කරන්න. එහෙම තිබ්බනම්.. ඉවරයි.

    මොනව උනත්.. අන්තිමට කියන්න තියෙන්නේ හරි ලස්සන කතාවක් උබ ලස්සනට ලියනවා...

    මගෙ බ්ලොග් එකෙත් දැම්ම ලින්ක් එක.. ඉක්මනට දාපන්..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. //අතකින් අල්ලගෙන රෑ වෙන වෙලාවෙ රේල්පාර දිගේ යන එකේ ෆන් එක දන්නෙ එහෙම ගියපු අයම තමයි. කථාකරපු වැඩක් ඇති දෙයක් නම් නෑ, එක එක විකාර කියෙව්වා මිසක. //
    මේකතාව නම් සම්පූර්න ඇත්ත මචන්.

    කොච්චර කෙල්ලො හම්බඋනත් other half එක හම්බ උනා කියල ලේසියෙන් හිතෙන්නෙ නෑ බන්. ඒක නිසා උබේකෙල්ල උබ මලක් වගේ බලාගනින්.

    උබ රිච්--ඩ්ද?, මොන year1ද(A\L)?
    ඉතුරුටිකත් ඉක්මනටම දාපන්

    ReplyDelete
  4. ගොඩක් තැන් මගේ කතාවටත් සමානයි......!!!!

    ReplyDelete
  5. අර කට කැඩිච්චි කතාව මට කියපං ඈ :-D
    ඔන්න දැන් නිකං අමුතු ගතියක් තියෙනවා බ්ලොග් එකේ :P

    ReplyDelete
  6. @Meranga

    thanx!!! keep reading....

    @පලාමල්ලක් ඇති පිස්සා

    මම ඒ පෝස්ට් එක දැකල පොඩ්ඩක් අවුල් ගියා... ඒත් ඉතින් මූලික මිනිස් අවශ්‍යතාවක් නෙව.

    පලාමල්ල පටං ගත්ත කාලෙ ඉඳලම මගේ බ්ලොග් රීඩර් ලිස්ට් එකේ තිබ්බ. ඒවයින් තමා හිතුනෙ හිතේ අමාරුව ඇර ගන්න ලියන එකත් හොඳ දෙයක් කියල.

    පටං ගන්නකොට 15ද කොහෙද. තව අවුරුදු 3ක් විතර තියෙනවා පැකට් එකේ ගහපු වයසට ;) මොබයිල් නම්... අනේ මංදා

    එළ එළ.. බොහෝ පින්!!!

    @L200

    ඒ වෙනකොටත් දෙකක් පස්සෙන් ගීහින් එකක් සීරියස් කරලා බූට් කාල හිටියෙ. සීරියස්ම ලව් එකක් ඇතිවෙන්න කාලයක් නෙමේ තමයි. ඒත් අනේ මන්දා.....

    රිච් නම් නෙමේ. ඒකාලෙම පටං ගත්ත ඉස්සර එක මට්ටමේම තිබ්බ ඉස්කෝලයක්. ;) කෙලින්ම සමහර දේවල් කියන්න බෑ, එහෙම උනොත් ඉස්සරහට ලියන්න තියෙන දේවල් ගොඩක් අඩු කරන්න වෙනව, දැනටමත් ... "(

    කථාවෙන්ම තේරේවි අවුරුද්ද ;)

    @Seneran

    එළ එළ....!!

    @බනී

    තෝ දන්නවා නෙව, මයෙ කතා

    ReplyDelete
  7. වැලන්ටයින් තෑග්ග නම් අපූරැයි

    ReplyDelete
  8. ඔය කියන පාරෙ (lover's lane) ඇතුල් උන ගමන් තියෙන තට්‍ටු දෙකේ ගෙදර ඉන්නෙ මගෙ යාලුවෙක්

    ReplyDelete
  9. @lkgossipnew

    :)

    @රංග

    ඒ කස්ටිය ලෙඩේ ඇදලද කොහෙද ඕක වහල දැම්මෙ. කොල්ලෙක් නම් අපරාදෙ මෑන්ගෙ චාන්ස් එක

    ReplyDelete
  10. Harima Lassanai.. Mata matak une mama O/L karapu kale.. E dawas wala mata as walin katha karapu kena ada mage husband.. eda nam as walin katha kala witarai.. Api yalu wenakota aurudu 12k gihin.. Nice story.. Like it...

    ReplyDelete