Sunday, February 13, 2011

මට ඔයත් එක්ක ටිකක් කථා කරන්න ඕනෙ....

කථාව මෙතැන් සිට ටිකක් ඉක්මන් කරනවා, නැත්තම් හම්බුන තැන් ටික කියලාම එපාවෙයි, ඒත් ඒ හැම තැනක්ම පසුවට සම්බන්ධ වෙනව, එතකොට ආයෙ කියන්නම්

දැන් ඉතින් AL ක්ලාසුත් පටං ගත්ත, මම මැත්ස් කරන්න ගත්ත, ඒ දවස්වල ඉතින් පන්තියෙන් පන්තියට පාවෙන කාලෙනෙ (දැනුත් එහෙම තමා, තාම බැස්සෙ නෑ) ඉතින් ප්‍රසිද්ධ ක්ලාස් කිහිපෙකට ගිහින් ෆිට් නැති තැන එච්චරම ප්‍රසිද්ධ නැති සර් කෙනෙක්ගෙ යන්න ගත්තා ෆිසික්ස්, පන්තියට ගිහින් ටික වෙලාවක් ඉන්නකොට තමයි කෙල්ලො සෙට් එක බැස්සෙ, ඒ අස්සෙන් පුරුදු කිචිබියක්. කියන්න ඕනෙ නෑ නේද කවුද කියලා. වෙනදා වගේම තමයි දැගලිල්ලෙ ඉවරයක් නෑ. ඔහොම බලාගෙන ඉන්නකොට එයත් එකපාරටම මගෙ දිහා බැලුව, ටිකක් ශොක් උනා වගේ බලාගෙන ඉඳල යන්තමට හිනාවෙලා බිම බලාගත්ත හෙණ ලොකු වැරැද්දක් කලා වගේ.

ඒත් ඉතින් මට මොකද. මම නොදැක්කා වගේ අහක බලාගෙන හිටිය, දැන් හැබැයි දැගලිල්ල නැවතිලා, අනිත් කෙල්ලො වගේම හරියට ඩෙස් එකේ වාඩිවෙලා ඉස්සරහ බලාගෙන ඉන්නව. එදා නම් ඩෙස් පෙරලගත්තෙ නෑ, ඒ එයාද කියල හිතෙන තරම් ඩීසන්ට් විදියට හිටිය.

ක්ලාස් එකේ ඉන්ටවල් එක. කොල්ලො සෙට් එක එක පැත්තක, කෙල්ලො තවත් පැත්තක. පොඩි ඉන්ටවල් එකක් නිසා ජලය පානයටයි බැහැර කරන්නයි ඇරෙන්න මොකෙක්වත් ගියේ නෑ, අවශ්‍යතා දෙකම ඉස්ට කරල මම ආයෙ ක්ලාස් එකට ආව කයියක් දාං ඉන්න. සෙට් එකම දැන් ඩෙස් දෙකක ඉඳං බර සාඛච්චාවක්.මම අයිනක් ගහල ඉන්නව කණ දාගෙන, නයි පොලොංගු විමානෙ නෙව,

'ස් ස් මේ..."

කෙල්ලන්ගෙ පැත්තෙන් සද්දයක්. හැරිල බලපුවාම අර ලස්සන පුංචි කෙල්ල එයාගෙ ඩෙස් එකේ අයිනටම ඇවිත් කිසි ලැජ්ජබයක් නැතුව, තව යාළුවො වගේකුත් එහා පැත්තෙ ඉන්නව

'කොහොමද නිවාඩුව'

'වරදක් නෑහ්, කෝ තමුසෙල කෝල් කලාට පස්සෙ දකින්නවත් නෑනෙ'

'එහෙම තමා ඉතින්' (වටපිට බලන්න මතක් වෙලා තියෙන්නෙ දැන්)

'මොනවද මේ ක්ලාස් එකේ කරන්නෙ' (බයෝ කියල හිතාගන්න පුළුවන් උනත් කටින්ම අහගන්න එක වටිනවනෙ)

'ඇයි අපිට තහනංද?'

'නැතුව..'

'ඒව වැඩක් නෑ' (හීන් හඬින්) 'මේ .... මට ඔයත් එක්ක ටිකක් කථාකරන්න ඕනෙ'

(මළළ සේකරයි, දැන් නම් මේකි එන්නෙ හොඳකට නෙමේ)

'ඒ මොන කෙහෙල් පඳුරකටද?'

'පොඩි ප්‍රශ්ණ ටිකක් තියෙනව විසඳගන්න, පුළුවන්ද?'

'අයියගෙන් අහගන්නවකො දන්නෙ නැති දෙයක් නම්..'

'හපෝ..... බැරිද එහෙනම්.... හා කමක් නෑ' (මූඩ් එක අප්සට් ගියා, මොනවා උනත් කෙල්ලෙක්නෙ, තරහා කරගෙන බෑනෙ)


'හරි ඕකට ඩෝං යන්න ඕනැය. අයියගෙන් මගෙ මේල් එක ඉල්ලගන්න මම ඔන්ලයින් ඉන්නව අද'

'හා එහෙනම්'

[ඉන්ටවල් එක අවසානයි. සෙට් එකේ කට කැඩිච්ච කථා මැද එදා ක්ලාස් එකත් ඉවර උනා. දෙවෙනි ඉන්ටවල් එකේ නම් මම කලින් පැන්න නිසා වෙන අවසානක් නෑ.]

මෙතැන ඉඳන් වෙච්ච කථා ඔක්කොම කියන්න ගියොත් කියවන අයට (එහෙම අය ඉන්නවනම්) එපා වෙනව. ඒත් එයා එදා මගෙ මේල් එක හොයාගෙන ඔන්ලයින් ඇවිත් තිබුනා. එදා ඉඳල මාස කිහිපයක් යනකම් හැමදාම හවසට කථා වෙනව එක එක දේවල් අපි. (ආයෙ අර ක්ලාස් එකට මම ගියේ නැත) කථාකරපු දේවල් නම් ඉතින් වල් පල් තමා, මල් කැඩුවම කියන්නත් අමාරුයි. වටේ හිටපු අය ගැන, දෙන්නම දන්න යාළුවො ගැන, කපල් ගැන, සහ තාක්‍ෂණික අනං මනං තමයි. බ්ලොග් ගැන ෆෝරම් ගැන චැට් රූම් ගැන විතරක් නෙමේ ගෲප්ස් පොඩ්කාස්ට් ෆේස්බුක් වගේ දේවල් ගැනත් කතා බහ උනා.

ඒ කථාකරද්දි තේරුනා මෙයා වෙන අයට වඩා සෑහෙන්න වෙනස් විත්තිය. කථාකරපු හැම කාරණයකදිම සාමාන්‍යෙ කෙල්ලෙක්ට වඩා ගොඩක් ඕපන් විදියට හිතුවෙ, (මං එතකොටත් පොඩි කාලයක් එකක් කරලනෙ තිබ්බෙ ඉතින් අත්දැකීමෙන් කියන්නෙ) වෙන කෙල්ලෙක් නම් තොල හපාගෙන ලැජ්ජාවෙන් බිම බලාගන්න ජාතියෙ කථා වලටත් ඒවගේම කථාවකින් උත්තර හම්බුනා විතරක් නෙමේ සමහර වෙලාවට මටත් කට උත්තර නැති වෙන කථා කිව්ව. සමහර විට අර දාංගලෙයි කථාකරන්න ලැජ්ජබය නැති කමයි ඒකෙම රෝග ලක්ශන වෙන්නත් ඇති.

මට තේරුන තව දෙයක් තමයි මේ මාස කීපෙට මං ගැන සෑහෙන්න දේවල් හොයලා කියල. ඒත් එච්චරම ගණන් ගත්තෙ නෑ මම, ඕපදූප වලට නම් ඉතින් තටු තියෙනවනෙ.

ඒ අතරෙ තමයි චැට් රූම් එකකදි අපේ ලොකුම සහායකයා හම්බ වෙන්නෙ. දැනටත් බ්ලොග් අවකාශයේ, මූණුපොතේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. (තෝ අහුවෙයංකෝ, තෝ තමා මාව වලේ දැම්මෙ) කොහොම උනාද මන්දා එයා මටත් නොදැනි ඌත් එක්ක ෆිට් වෙලා තිබුනා. ඒ කථාකරපු දේවල් ඔක්කොම මම දන්නෙ නැති උනත් ගොඩක් මං ගැන හොයල වගේම, වෙන කුමන්ත්‍රණේකුත් කලා කියලයි ආරංචිය..

දැන් මොකද වෙන්නෙ?

3 comments:

  1. කවුද බං උබව වලට දාපු අවලමා ? අඩු කඩන්න ඕනී ඕකුන්ගේ..

    ReplyDelete
  2. උඹව වලට දාපු එකා පව් නෙ.... පට්ට ඕයි...මං මේ ඔන්ලයිං කෑල්ලක් සැට් කොරගන්න පුල් ට්‍රයි...තාම බැරි වුනා නෙව...දැන්නෙ වැටහුනෙ. කෙල්ලෙක් මං ගැන හොයනකං මොන කෙල්ලොද අපිට හිහ්

    ReplyDelete
  3. @පොඩි මහත්තයා

    ඔය උඩ කමෙන්ට් කරපු කෙනාගෙන් තමා අහන්ඩෝනෙ, මෑන් ඔන්ලයින් මල් ඔස්තාද්, ශාස්ත්‍යවේදී, MBBS ගහපු එකෙක් ;)

    ReplyDelete