Tuesday, February 15, 2011

ඇත්තටම මං ගැන කිසිම අදහසක් නැද්ද? . . . . . . . . . Part 1

ඉස්සෙල්ල පෝස්ට් එකේ කිව්වනෙ අපිට ඔන්ලයින් මිත්‍රයෙක් හම්බුන එක ගැන. එයාම තෝල්ක ධූරය බාරගත්තා ලස්සනට (එහෙම කිව්වට ඇඟේ ගැහුවාද කවුද දන්නෙ?) මම දිගටම ෆිට් එකට විතරක් කථාකරපු නිසා මගෙන් කෙලින්ම අහගන්න බැරි ගොඩක් දේවල් mrතෝල්ක හරහා හොයාගෙන තිබුන (CID), යන එන තැන්, කථාකරපුව විතරක් නෙමේ එයා වගේ කෙල්ලෙක් ගැන සාමාන්‍යෙන් කොල්ලෙක් එක්ක විතරක් කියන දේවල් පවා...

සුපුරුදු පරිදි මෙහෙමම මාස කිහිපයක් ගෙවිල ගියා. දැන් දවසේ කනවා බොනවා නිදාගන්නවා වගේම වෙලා රෑට ඔන්ලයින් බයිලා ගහ ගහ ඉන්න එක. කවුද අප්පේ අකමැති හීණියට මලක් කඩලා නිදාගන්න?

ජනවාරි මාසෙ දවසක්

මොකක්දෝ ගෙවන්න හෝ ගන්න මම එදා මාතර ගිහින් හිටියෙ. නූපේ හන්දියෙන් වැඩේ කරගෙන එළියට බහිනකොට මෙන්න මාතරට යන හෝල්ට් එකේ අඳුනන දෙන්නෙක් ඉන්නව වගේ. එකපාරට අඳුනගන්නත් බෑ, සාමානයෙන් මම නූපෙ ඉඳලා මළත් බස් එකට රුපියල් 6ක් නොදෙන නිසා පාදයාත්‍රාවේ යෙදෙන්න ගත්ත ඒ පැත්තට. දැකල පුරුදු නම් හම්බවේනෙ.

මළකෙලි 21යි.

අර පුංචි කෙල්ල එයාගෙ නැට්ටත් එක්ක (නැට්ට කිව්වෙ අර යන යන තැන ඇදගෙන යන යාළුවාට), මම ලඟට එනකොට අතට තට්ටු කරල මාව පෙන්නුව, එතකොට එයාගෙ කම්මුල් යන්තම් රතු වුනාද මන්දා. ඇත්තටම මට එයා අඳුනගන්නත් අමාරුයි. වෙනදා යන්තම් මොකක්හරි ඇඳුමක් ඇඟට දාගෙන ඔලුවත් යන්තම් පීරගෙන (දැගලිල්ලට ඒක අවුල් වෙනවා පැයෙන්) දුවන කෙල්ල අද මාරම ලස්සනයි, ලා නිල් පාට් බ්ලවුස් එකකුයි ඒකටම ගැලපෙන ස්කර්ට් එකකුයි ඇඳලා,ඔලුවත් ලස්සනට පීරලා. මොකක්හරි උත්සවේකට යන්න වගේ.

දැක්කම කථානොකර හරිනෑනෙ ;)

"මොකෝ ගාල්ල ඉඩ මදිද?"

මට තේරෙනව එයාගෙ කට නලියනව හොඳ කථාවක් කියන්න. ඒත් අමාරුවෙන් කන්ට්‍රෝල් කරගන්න වගේ යටිතොල හපාගෙන බිම බලාගත්ත මූණ තවත් රතු වෙලා. උත්තර දුන්නෙ නැට්ට.

"නෑ මේ සැනසිල්ලෙ ඉන්න තැනකට ආවෙ, කෝ මෙහෙත් ඉන්න නෑනෙ"

"හා එහෙනම් තමුසෙල ඉන්නවකො" මම යන්න හැරුනා, ඕනෙ ඉඳිආප්ප කඩයක් දාගන්නෙ නැතෑ, මට මොකද.

"අනේ ඉන්න" ආ කට ඇරිලා. "අපිත් මේ මාතරට යන්නෙ"

ටිං ටිං ටිටිං ටිං ටිං ටිං (මගෙ ෆෝන් එක රිංග් වෙනව. හෙලෝ....) කෝල් එක අරගෙන ආපහු බලනකොට ලඟ හිටපු දෙන්න නෑ. අර ලස්සන පුංචි කෙල්ල විතරයි.

"කෝ යාලුව" ෆෝන් එක සාක්කුවට දාන ගමන් ඇහැව්ව.

"එයා බස් එකේ නැග්ග." දැන් ඈත බලාගෙන. ලේන්සුව මිරිකගෙන, හරි ආවේගෙකින් වගේ.

"හරි එහෙනම් අපිත් ගියා"

"මේ....."

"ඇයි?"

"මාව මෙතන තනියම දාල යන්නද හදන්නෙ?..... "

7 comments:

  1. තෝල්ක පොස්ට් එක බාර ගත්තා නෙවේ යකෝ..බාර දුන්නා... අනේ අම්මපා..මමත් කරගත්ත ගොන් කම..

    තෝ නූපේට ගියේ උබලයි ටැක්ටරේට රේසරයක් ගේන්නනේ ?

    ReplyDelete
  2. අම්මපා කෙල්ලන්ගේ මායම් නේදැ ? :D

    ReplyDelete
  3. part 2 ඉක්මනට දාපන්

    ReplyDelete
  4. ඔ රේසර් දාන්මේ 2010 දිනේ ?

    ReplyDelete
  5. පිස්සුද කොල්ලො...කෙල්ල තනියෙං දාල නම් යන්නෙපා....

    ReplyDelete
  6. @පොඩි මහත්තයා

    එදා ඇම්මක් තිබ්බෙ නැහැ නෙව කොහෙද යන කෙල්ලෙක් එල්ලගෙන යන්ට.. පැණි වලට වඩා වටිනවා ගිය ගමන.

    (පස්සෙනෙ වැඩේ දෙල් උනේ)

    ReplyDelete
  7. මටත් මීටර්ද මංදා..
    ගාල්ල.. මාතර.. (අතරමග නැවතුම)

    ReplyDelete