Monday, February 21, 2011

ඔයා දන්නවද? මට මෙහෙම කවුරුවත් සලකල නෑ . . . . . . . . . . . .



'ආ...ං'

හම්මේ රහ, මම ඉතින් අනල කන්නෙ නෑනෙ තියෙන හැම එකම අල්ලලා කටේ ඔබා ගන්නව මිසක්, ඉතින් මෙහෙම කවනව නම් බැරියෑ ;). අවුල තියෙන්නෙ ඒ අතට වැඩිය අහු වෙන්නෙ නැති එක තමයි, ඒත් ඒකත් එච්චරම අවුලකුත් නෑ.

කටවල් දෙකක් කවාගත්ත. දැන් බත් එකේ අත තියාගෙන මගෙ මූණ බලාගෙන ඉන්නව.

"මොකද?.. තව කටක් කවනවකො"

"මට මහන්සියි, දැන් ඔයාගෙ වාරෙ.."

හුටා, මදැයි ශේප් එකේ නිකං ඉඳගෙන බඩ පුරෝගන්න හිටිය. දැන් කව්වාපියකො මේකිටත්. බැහැයි කියන්නයෑ? මට ඉතින් අනල පුරුද්දක් නෑනෙ, මම කන විදියටම බත් මිටක් අතට අරගෙන කැව්ව. අනේ ඇස් දෙකේ කඳුළු පිරිල ආයෙමත්. ඒක හංගන්න හදනව. එව්ව කොහෙද අපිත් එක්ක?

දැන් කාලා ඉවරයි. අතත් හෝදගෙන ආපහු බංකුවටම ආව. කෙල්ල දැන් මගෙ ලඟින්ම වාඩි වෙලා, හොඳටම ලඟින්. වාඩි උනත් මගෙ උරහිස ගාවම තමයි උස :) . දෙන්නටම කථාකරන්න දෙයක් නෑ ඔහේ බලාගෙන ඉන්නව. පාක් එකේ යන එන අය දිහා. ගස් දිහා. සිගරට් ගහන පොඩි උන් දිහා, උංට ඒවා විකුණන කඩේ එකා දිහා.. බලන්න මොනවද නැත්තෙ පාක් එකක?

ටික වෙලාවක් යද්දි මගෙ පපුව හරියෙන් බරක් වගේ දැනෙනව. මලා මෙයා හෙමිහිට ඔලුව මගෙ පපුව උඩ තියාගෙන.. එපා කියන්නයැ? මාත් ඇඟ වටේ අතක් දාගත්ත. පොඩි එකීගෙ ආසාවනෙ. පව්නෙ. එහා ඒ හැම මොහොතක්ම රස විඳිනව වගේ, ඇස් දෙකත් පියාගෙන මගෙ පපුවෙ සද්දෙ අහගෙන ඉන්නව කන තියාගෙන. මම ඇග වටේ දාගෙන හිටපු අත අරගෙන හෙමිහිට එයාගෙ කොණ්ඩෙ අතරින් ඇගිලි ගෙනිච්ච (පස්සෙයි දන්නෙ එයා ඒකට කොච්චර ආසද කියල).

"අයියෙ....." පුංචි එකී ඇස් දෙක පියාගෙනම හීන් හඬින් කතාකලා.

"ඔයා දන්නවද? මට මෙහෙම කවුරුවත් සලකල නෑ, ගෙදර අයවත්..." කඳුලු බේරෙනව මූණ දිගේ..

මං සාමාන්‍යෙන් මෙහෙම දේකට සංවේදී වෙනව අඩුයි, මොකක්හරි කතාවක් දාල මගෑරල දාන එකයි සිරිත, කොටින්ම කලින් කෙනා යද්දි "තමුසෙ නම් හැඟීම් දැනීම් නැති ගලක් " කියලයි ගියෙ. ඒත් අද මට මොනවා උනාද මන්දා. හරිම අනුකම්පාවක් හිතුනෙ එයා ගැන. ඔලුව අතගගා හිටපු මම එයාගෙ ඔලුව යන්තම් උස්සල එයාගෙ නළල මැදට පොඩි කිස් එකක් දීල ඇඟිල්ලෙන් ඇස් දෙක ලඟ ඇවිත් තිබුන කඳුලු පිහ දැම්ම.එදා එහෙම කරන්න මට හිතුනෙ මොකද කියල අදටත් මට හිතාගන්න බැහැ. එයත් ඇස් දෙක පියාගෙන කිස් එක පිළිගත්ත.මට දැනෙනව එයාගෙ පපුව ගැහෙන වේගෙ සෑහෙන්න වැඩි වෙලා.

"දැන් මම ඉන්නවනෙ බබෝ ඔයා ලඟ.... කෝ දැන් ඔය කඳුලු පිහදාගන්න"

එයා අත් දෙකෙන්ම මගේ අනිත් අත අල්ලගෙන.

"අනේ මට හැමදාම ඔයාලඟ ඉන්න පුළුවන් නේද....? pls...."

කියන්න දාහක් දේවල් කටට ආවත් එයාගෙ ඇස් දෙක දිහා බැලුවාම ඒව කියන්න හිත හදාගන්න බැරි උනා. මහම මහ අසරණ කමක්. කියාගන්න බැරුව ගොඩක් දේවල් හිත ඇතුලෙ හිර කරගෙන ඉන්න විදියක් එයාගෙ මූණෙන් පේනව. එහෙම බලාගෙන කොහොමද එයාගෙ හිත කඩන්නෙ?, දැන් මට සෑහෙන්න ශුවර් මේකි කරන්නෙ බොරුවක් නෙමේ කියල. ඒත් මේ සිද්ධවෙන ඉක්මන මට හිතාගන්න අමාරුයි. ඇයි මාවම?

"හරි, හැබැයි ඇණයක් වෙන්න බෑ හරිද?"

"හ්ම්.."

15 comments:

  1. ඊ..ලැජ්ජාවයි :P

    ReplyDelete
  2. ඈයි එයා දුකෙන් ඉන්නෙ?

    ReplyDelete
  3. @නිශා

    දිගම දිග කථාවක්, අන්තිමට අපි දෙන්න අතරට එන ගැටළුවත් ඒකම තමයි..

    දාම ශෝක හරිය පටං ගත්තෙ නෑ, ගත්තම කියන්නම් ;)

    ReplyDelete
  4. ලස්සනට ලියලා තියේ ! ඒත් ඇයි බන් හැමදාම හොදම හරියෙන් කතාව නවත්තන්නේ :S දැන් ඉතින් ඉවසපියකො

    ReplyDelete
  5. අද පාට්1 නම් හුගක් ස0වේදියි මචන්. මොනව උනත් ඊලග කොටසත් ඉක්මනටම දාපන්.

    ReplyDelete
  6. ප්‍රේමය ලොව හැමතැනම ඇති..
    ඉතුරු ටිකත් දැනගන්න බලාගෙන ඉන්නවා.දිගටම ලියන්න.. :D

    ReplyDelete
  7. මම සාමාන්යෙන් කොටස් වශයෙන් යන කතා කියවන්නෙ නෑ ඉවසීම අඩු නිසා. ඉක්මනට ලියපන්. තාම වැඩට ගියෙත් නෑ උඹගේ බ්ලොගේ බලන්න ගත්ත නිසා.

    උඹ පරන සාන්තුවරුන්ගෙ ඉස්කෝලෙට ගියේ මොන අවුරුද්දෙද? මම අනිත් සාන්තුවරුන්ගෙ ඉස්කෝලෙ. "කලුවැල්ල මහා විද්යාලය"

    ReplyDelete
  8. @Dark :) ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද?

    @L200 එළැයි

    @පබලු thnx

    @රංග

    හ්ම් හ්ම්, මේක එක පෝස්ට් එකකට ගත්තොත් බ්ලොගර් සපෝට කරන උපරිම වචන ගාණත් පනිනවා. දවසකට එකක් යන නිසා සතියකට පාරක් ඇවිදින් සීරීස් එකක් බලාල යන්ට ;)

    ගියේ නෙමේ ;)

    හෆ්ෆා මයෙ බුදු බොක්කවල් ටික ඉන්නෙ එහෙ නෙව, අල්ලපු හදවත් ඇත්තොංගෙ බංගලාවෙත් ඉන්නවා සෑහෙන්න පිරිසක්.

    ReplyDelete
  9. හ්ම්ම්... අද තමයි බ්ලොග් එකට ඇවිල්ලා කතා සිරිස් එකම කියෙව්වේ...
    නියමයි....ලස්සනයි... වෙනස් ම වෙනස් කතාවක්...
    හෑමදාම කොල්ලා, කෙල්ල පස්සෙන් යන කතානේ තියෙන්නේ...
    දිගටම ලියමු....සුබ පැතුම්!!!

    ReplyDelete
  10. මට කියන්න තීන දේවල් ලියන්න මෙතන ඉඩ මදි........
    ඉස්සරහටත් මේ වගේ ලස්සනට කතාව දුවයි කියල මම හිතනව.....ෆට්ට කතාව......... එලම තමා...... :)

    ReplyDelete
  11. This story reminds me my beloved girl! I loved her so much but finally I lose her. reading this story brought be tears :(

    ReplyDelete
  12. @kanishka

    හ්ම්. හ්ම්. බොහොම ස්තූතියි... අපිට වැටෙන බාල්දිත් මෙව්වා වගේම 'වෙනස්'.. ඉස්සරහට බලන්නකො, මේක මෙගා සීරීස් එකක්.

    @ඇනෝ 1

    හැමදේකම ලස්සන අවසානයක් තියෙනව නම් කොච්චර හොඳද නේද? ඒත් ඉස්සරහට එනවා කවුරුත්ම නොහිතන දේවල්...

    @ඇනෝ2

    writing this also made me the same, keep reading. thnx

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම් එක දිගටම කියව ගෙන ගියා කොමෙන්ටුවක් දාන්නත් වෙලා නෑ... එච්චරට ආස හිතුන ඔයාගෙ කතාවට...
    අන්තිම ටික කියවනකොට මටත් ඇඩෙන්න වගේ...
    අද තමයි බ්ලොගයක් ඉවරෙටම කියෙව්වෙ :D
    ආසාවෙන් ඉන්නෙ ඉතිරිය දැනගන්න...දිගටම ලියන්න... :)

    ReplyDelete
  14. සැරත් නෑ ස්වීටුත් නෑ නියම කතාව බුක්මාර්ක් එකකුත් දා ගත්ත.

    Keep it up. best of luck........

    ReplyDelete
  15. ඇණයක් ඇණයක්.....

    ReplyDelete