Saturday, February 19, 2011

මිනිස්සු හිතයි මං තමුසෙව අනාථකරල කියල. . . . . . . . . . .

"මැට්ටියෙ, ඇස් දෙක පිහිදා ගන්න, වටේ මිනිස්සු හිතයි මං තමුසෙව අනාථකරල කියල" කණට ලං වෙලා කිව්ව (ඇත්තටම වටේ පිටේ හිටපු අයත් සෑහෙන්න බැල්මක් දාගෙන හිටියෙ, මේකි තව ටිකක් හයියෙන් ඇඬුව නම් මට නවතින්න වෙන්නෙ හබරාදූව පොලීසියෙ.)

ඒ කථාවට යන්තම් හිනාවක් ගියා, කොච්චර උනත් පුරුදු ගති අතාරින්න බෑනෙ. දැන් ජනේලෙන් එලියම බලාගෙන ඉන්නව, ඒ අතරෙ මගෙ අතේ ඇගිලෙ දෙකක් මිරිකලා අල්ලගෙන.

"මේ දවස් වල හරි අමාරුයි නේද?..."

"ම් ම් ම් . . . " (යන්තම් ඔලුව හැරෙව්ව, තාම ඇස් වල කඳුලු)

"නෑ ඉතින් පිස්සු වගේ නේ?.."

"ඒ කිව්වෙ...."

"ඉවසල ඉන්න දවස් දෙක තුනයිනෙ..."

වැඩේ තේරෙන්න ටිකක් වෙලා යනව වගේ,

"හාපෝ... ඔයානං මහම මහ........"

ජනේලෙන් එලිය බලාගෙන තොල හපං තනියම හිනාවෙනව. මගෙ ඇඟිලි තවත් තදට මිරිකගෙන .....

"මේ ..... " ආයෙත් එයාගෙ කණට ලං වෙලා කථාකලා

"ම්.."

"ඔය ඇඟිලි දෙක තාම මගේ..."

ටක් ගාල අත අතෑරල පොත්ටික තුරුලු කරගත්ත. මාර ලැජ්ජාවක්නෙ :)

[ගාල්ලට කිට්ටුයි... ජනකගෙ ක්ලාස් ඇරෙන වෙලාව මේකිත් එක්ක ස්ටෑන්ඩ් එකෙන් බැස්සොත් වහ කන්න වෙන්නෙ. (දැනට ;) )]

"මේ මම ඉස්සරහින් බහිනව.."

"හ්ම්.."

"අහපු දේට උත්තරයක් දැන් ඕනෙද පස්සෙ දෙන්නද?"

"ඕනෙ නෑ..."

"හරි අපි යනව එහෙනම්....." (බස් එක රූමස්සල පහු කරමින්, මම ෆුට්බෝඩ් එකට බහින්න නැගිට්ටා..)

"මේ....." (කෙල්ල මගෙ අත යන්තම් අල්ලගෙන) "හෙට එනව නේද?..."

"ඇයි අහන්නෙ?"

"නිකම්..."

"එන්නම්, ලොකු ලේන්සුවක් ඔයා ගේනවද මං ගේන්නද? .... මේ .. අපි ගියා...."

7 comments:

  1. කතාව නැගලා යනවා.. ඊළග කොටසත් ඉක්මනට දාන්න...

    -නිර්මල-

    ReplyDelete
  2. මචන් උබට කරදරයක් නැත්නම් කතාව දානකොට මිටවඩා ටිකක් දිගට දාපන්.

    ReplyDelete
  3. @නිර්මල

    එළ

    @L200

    දිග වැඩිවේ කියල හිතල මෙහෙම දැම්මෙ, හ්ම් හිතට එන හැටියට ලියන්නම්.....

    මේක කලින් කොටස් දෙකේ අවසන් එක නෙ.

    GKD

    ReplyDelete
  4. මේක ඈත්තම සිදුවීමක්ද?ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
  5. නිශා

    ඔව, ස්තූතියි

    ReplyDelete
  6. සුපිරි තමා.... කවද ලබන්නද මෙහෙම අත්දැකීමක්... :-/ දුකයි බොල මං ගැනම මට

    ReplyDelete
  7. @පොඩි මහත්තයා

    ඒ මොකෝ? අර කියනවා වගේ හැම &&&&&&ටම හරියන &&"&ක් තියෙනවලුනෙ ලෝකෙ, keep searching

    ReplyDelete