Thursday, March 3, 2011

තමුසෙ මාව මරල උනත් සොරි කියයි . . . [අපේ මංගල සටන 2]






එච්චරම වැඩේ ලීක් උනේ නෑ කියල හිත හදාගෙන ගෙදර ආවට හවස ආපු කෝල්/මැසේජ් ටික වැඩේ 7 ප්‍රවෘති වල දාලා වගේ ගාල්ල පුරා පැතිරිලා බව තේරුනේ.

දැන් ඉතින් මොනව කරන්නද. ගියා ටේලර් සාප්පුවට කැපුවා මාස දෙක තුනක් සාරෙට වැවිලා තිබ්බ වගාව. දැන් අහම්බෙන් දැක්ක එකෙක් නම් ශේප්, අඳුනගන්න බැරි තරමට මනුස්ස පාටයි. ඒත් මේ හැමදාම දකින උන්ට..

"අඩෝ මචං... "

"ඒ දැක්ක කල්. යමං කඩේ පැත්තට.."

"කඩේ නෙමේ.. තොට කෙල්ලො සෙට් එකක් දමාගෙන ගැහුව කියන්නෙ ඇත්තද බං? "

"පිස්සුද $#$#@$"

ඔන්න ඔහොමයි සතියක් දෙකක් යනකන්, අනේ ඉතින් වෙච්චිදේට මක්කොරන්නද?

පහුවදා ප්‍රහාරක අංශෙන් කෝල් එකක් තිබුනා. මම ආයෙ මොකට ගන්නවද තරහ කාරයො නෙව දැන්. ඇත්තටම ඒකි ඒ දවස් ටිකේ අහු උනා නම් . . . . .

මැසේජ් දෙක තුනකුත් තිබුනද කොහෙද, මං නං කරයි රිප්ලයි.. හුහ්

ඔන්න ඔය අතරෙ තමයි අපේ ඔන්ලයින් හැලුප් කාරයාගෙ සාම විනිසුරු භූමිකාව එලියට එන්නෙ. කලින් දවසක මගෙ දුක (වෙන මොකක් වත් නෙමේ ගුටි කාපු එක) ඌටත් එයාගෙ දුක දවස් දෙක තුනකුත් කියලා තිබ්බ නිසා ගෲප් චැට් එකක් දාලා විසඳන්න හැදුවත් ම්හු එහෙම පුළුවනෑ අමතක කරන්න. (ඇත්තටම දවසක් දෙකක් යනකම් කම්මුලේ අනිත් පැත්ත රිදුනා. හොම්බ රිවට් වෙන්න ගහනවා කියන්නෙ මේවට වෙන්නැති නේද?)

පස්සෙ සඳුද දවසක්. කවුරු නැති උනත් අපි ක්ලාස් එකට යන්න එපැයි. තිබ්බ තරහටම එනකම් බලාගෙන ඉන්නෙ නැතුව බස් එකට ගොඩ උනා. ඒත් සාමාන්‍යෙන් එන වෙලාවම වෙන්න ඇති බස් එකක් ආවෙ නැතුව ඉන්න උන නිසා. ඉතුරු වෙලා තිබ්බෙ තනි ශීට්ස් විතරයි. ශීට්ස් 3යි 2 බස් එකක්. මම වාඩි උනා ඉස්සරහ ශීට් එකේ. මෙන්න අපේ තරහකාරිත් දුවගෙන වගේ ඇවිත් මට ඉස්සරහ ඉතුරුවෙලා තිබ්බ ශීට් එකේ වාඩි උනා.

තඹේකටවත් ගණන් ගන්නෙ මොකටද. දැන් තරහකාරයො නෙව.

මෙයා හෙමින් පස්ස බලනව. බස් එකේ නිසා එකපාරට හැරෙන්නත් බෑ. (ලැජ්ජබය තියෙනවා සාමානය වෙලාවට ;) ) මට පැත්තට පේනවා පොත් ටික මිරික මිරික දෙන වදයක්. මට මොකෝ ඉතින්. උණවටුන පාස් වෙනකොට කඩාගෙන එනව ටිකට් දැන් පොඩි කේස් එකක්. වෙනදා මමනෙ ටිකට් ගන්නෙ. අද මොකද වෙන්නෙ බලමු

'මාතර දෙකයි'

'කවුද දෙන්නා'

ඇඟිල්ලෙන් පෙන්නනව මාව.

'මිස් ඩබල් ශීට් තියෙනව පස්සෙ' (සෙමි ලක්ශරිනෙ ;) )

'කමක් නෑ'

හ්ම්, කන්න දීලා ගහන ජාතියෙ. කමක් නෑ 72ක් නෙ ;)

අවාසනාවට අහංගමදි මගෙ එහා පැත්තෙ ගිහිපු කෙනා බැහැල ගියා, බස් එක යන්න පටං ගත්තට පස්සෙ. කෙල්ල ටිකක් හැරි හැරි ඉඳල එකපාරටම කඩාගෙන බිඳගෙන බලෙන් වගේ ඇවිත් මගෙ ජනේලෙපැත්තෙ ශීට් එකේ වාඩි උනා. ආපු වේගෙට වටේ මිනිස්සුත් බලනව මොකද උනෙ කියල. :)

වැලිගමට කිට්ටුයි. . .

"අයියෙ . . . . ."

මෙන්න යකෝ තරහ කාරයො කථාකරනවා? :o :o :o ඒත් මං මොකටද කථාකරන්නෙ

"මේ . . . . " දැන් මගෙ අතෙනුත් යන්තම් අදිනව

ම්හු, වචන නාස්ති කරල වැඩක් නෑනෙ. හරියන්නෙ නැති තැන එයාගෙ සුපුරුදු ලාස්ට් ට්‍රයි එක. මගෙ වැලමිටට උඩින් අත බදාගෙන මගෙ උරහිස ගාව එයාගෙ ඔලුව තියාගත්ත.

"අනේ සොරි . . . . . "

දැන් නම් මට උනත් කට පියාගෙන ඉන්න බෑ,

"තමුසෙ මාව මරල උනත් සොරි කියයි"

කියන ගමන් එයාගෙ මූණ දිහා බැලුන, පව් ඇස් දෙකේ කඳුලු.

"මරන්නම තමයි වටින්නෙ. . . . "

"මේ දැන් ඇති, පැත්තකට වෙනව. . . " එයාගෙ අත අරගෙන එයාගෙම ඔඩොක්කුවෙ තියල අහක බලාගත්ත. වැඩි වෙලා තව රන්ඩු කරන්න උනේ නැ මම බහින තැන ලඟයි.

"හවසට එනව නේද?"

"බෑ..."

මම බස් එකෙන් බැහැල ක්ලාස් ගියා. වෙනද වගේම ක්ලාස් එක ඉවර වෙලා බස් එකට එනකොට මෙන්න මෙයා කවදාවත් නැතුව කලින් ඇවිල්ලා බස් එක ලඟට. කථාවක් නැතුවම පස්සෙම වම් පැත්තෙ (මුහුද පැත්තෙ) ශීට් එකේ වාඩි උනා.

දැන් බස් එක පිටත් වෙලා. (ඒපාර නම් ටිකට් ගන්න උනේ මට, ඔන්න ඕකනෙ මුං එක්ක යාළු වෙලත් බෑ, තරහ වෙලත් බෑ)

වැලිගම කිට්ටුවට එනකම්ම දෙන්නම කථාවක් නෑ. ඒත් එයා යන්තම් මගෙ ඇඟිලි ගෑවෙන නොගෑවෙන තරමින් අත තියාගෙන සෙල්ලම් කරනව.

එකසැරේම මූනෙ එදා ගහපු තැන හරියෙන් ලපටි තොල් දෙකකින් දැනෙන යන්තම් උණුසුම් සීතලක්..... කරපු දේට ලැජ්ජ හිතිල මූණ රතු කරගෙන බිම බලාගෙන.
ඔය කිස් වලට අපි රැවටෙයි :P

"මොකෝ එපාර ගහන්න කලින් ඉඹල බලනවද?"

"හ්ම් . . . . . ගඳද කියල බැලුවෙ අත හෝදගන්න"

"හෝදගන්නව ගිහින් තමුසෙගෙ ##%$#@%@" (නෑ කාටවත් ඇහුනෙ නෑ මම හිතන්නෙ,) එයාට ඇහුනට තව ටිකක් රතු උනා මිසක් ඇහිච්ච විත්තියක් පෙන්නුවෙ නෑ.

"ඔයා මාත් එක්ක තරහ නෑ නේද එහෙනම්? . . . . ."

එහෙනං අර පගාවක්?

"යාළුවෙලා හිටයය? "

"අනේ. . . ප්ලීස් කියන්න තරහ නෑ කියල . . . . "

"තරහ නෙමේ තමුසෙ එදා ඉතුරු කරන්නෙ නෑ අහු උනා නම් අතට."

"ඉතින් අහු උනේ නෑනෙ . . . . " (යන්තම් හිනා)

"කෝක උනත් අර නංගි තමුසෙට වඩා ලස්සනයි ඕයි . . . . "

(ඒ පාරනම් යකා ඇත්තටම නැග්ගාද කොහෙද ;) )

"අනේ යනව යන්න. . . . . . ."
========================================================================


මාස දෙකකට පමණ පසු

ස්ථානය - ගාල්ල බස් නැවතුම, පෙර ස්ථානයට ආසන්නව

දිනය - මතක නෑ

අවස්ථාව - යන්තම් අතකින් අල්ලගෙන මගෙ පුංචි කෙල්ලව ඇදගෙන යන ගමන් එදා ගුටිකෑ දවසෙ සිහියෙන් හිටපු කොල්ලෙක් හමුවීම.


"ඒයි ඩෝ ..... !"

"අඩේ මචා....ං "

"දැකපු කල් බං. උසගිහින් පළළ අඩු වෙලා.. කෑල්ලකුත් එල්ලං එළකරි ඈහ්.... "

(පුංචි එකී ටිකක් ඈතින් හිටියත් ඒක ඇහිල බිම බලාගත්ත..)

"අඩෝ මේ අර අර අර......"

"ඔව් බං ඒකි තමයි ." ;)

"බුදුසරණයි බං උඹට!"

========================================================================
ඊට පස්සෙ අපි දෙන්නගෙම ඉවසීමේ හොඳකම නිසා ඊලඟ අවුරුදු එකහමාර විතර ඇතුලත අනන්තවත් බැන ගැනිලි, රණ්ඩු, කම්මුල් පාරවල් හුවමාරු වෙන්න ඇති (වැඩියෙන්ම කෑවෙ දෙන්නගෙන් කවුද කියල නම් සුවර් නැත(හැබැයි මගෙ අතට එයාගෙ මුළු මූණෙන් බාගයක්ම අහු වෙන අතරෙ එයාගෙ අත් දෙකටම මගෙ මූනෙන් අහුවෙන්නෙකොටසයි නිසා වැඩිපුරම රිදෙන්නෙ නම් මට). ඒත් ආයෙ අරම රෙදිගැලවිල්ලක් නම් උනේ නෑ ;).

7 comments:

  1. "ගියා ටේලර් සාප්පුවට කැපුවා මාස දෙක තුනක් සාරෙට වැවිලා තිබ්බ වගාව" L.O.L.

    කොල්ලො ඔය ගමන් බාබර් සාප්පුවට ගිහින් බටර් කාලකුත් අරන් වරෙන්

    ReplyDelete
  2. "වැඩියෙන්ම කෑවෙ දෙන්නගෙන් කවුද කියල නම් සුවර් නැත"
    අපිට නම් හිතා ගත හැක.

    ReplyDelete
  3. වැඩියේම කැවේ මූ තමා.. හැමදාම අඩ අඩා කියන්නෙ..අනේ බං අදත් කැවා කැවා කියලා :D

    යකෝ උබ කොන්ඩෙ කපන්නෙ ටේලර් සාප්පුවෙන්ද?
    එතකොට ඇදුම් මහන්නෙ බාබර් සාප්පුවෙන්?? මාරයි ඇහ් :D

    ReplyDelete
  4. අනේ ඒ පොඩි කෙල්ලටත් ගැහුවද.. පව්නේ..

    [ටේලර් සාප්පුවට කැපුවා මාස දෙක තුනක් සාරෙට වැවිලා තිබ්බ වගාව]
    මේකනෙ මෙයා ටේලර් සාප්පුවට ගිහින් තියෙන්නෙ වගාව නෙලන්න මිසක් කොන්ඩෙ කපන්න නෙවේ.. :D

    ReplyDelete
  5. මෙහෙම පොඩි වලියක් දෙකක් ගියේ නැත්නම් ලව් එකේ කිසිගතියක් නෑ නේද බන්.
    ඒත් කෙල්ලට ගහපු එකනම්...........

    ReplyDelete
  6. @observer

    බටර් ඉවරයි මාගරින්?

    @පිණිබිඳු

    ;)

    @bunny

    හ්ම් :(

    @හිම කුමාර

    පහත කමෙන්ටුව බලන්න

    @L200

    අනිවා. . . !

    ඒ කථාව පස්සෙ කියන්නං නේද, මෙතන කිව්වොත් පෝස්ට් 3ක් අඩු වෙනව ;)

    ReplyDelete
  7. අද බන් මේ පැත්තෙ ආවෙ. සිරාම ස්ටෝරිය..

    ReplyDelete