Wednesday, March 2, 2011

අපේ මංගල සටන [1 කොටස]






හැමදාම කිරියි පැණියි වගේ ඉඳලත් බෑනෙ, මේ අපේ මිලියනගාණක් වන වලි අතරින් පළවෙනි ෆස්ට් එක.

දිනය - මතක නෑ මාර්තු විය යුතුයි. මුණේගෙ ක්ලාස් තියෙන දවසක් ;)

ස්ථානය - දකුණු ආසියාවේ දිගම බස් ස්ටෑන්ඩ් එකේ, අම්බලංගොඩ - හික්කඩුව බස් ගහන තැන

අවස්ථාව -

කෙලින්ම කථාවට බහිමු දන්නවනෙ ඉතින් කාලා බීලා ෆන් 'එකක' ඉන්න කොල්ලො සෙට් එකකට තනියම ඉන්න ලස්සන කෙලිපොඩ්ඩක් අහු උනාම. ස්ටෑන්ඩ් එක මැද්දෙ නම් තවත් බයානකයි. අන්තිමට කෙල්ලට යන්න වෙන්නෙ රෙදි නැතුව වගේ තමා. බොහෝ දුරට ඕවා අවසන් වෙන්නෙ ක්‍රම තුනකින්. එකක් ඒකිගෙ හෝ අපේ බස් එකක් එනවා. දෙක කෙල්ල අඬාගෙන දුවනවා. තුන කෙල්ලගෙ කවුරුහරි සෙට් වෙලා අපි අම්බානකම කනවා (පළවෙනි දෙකෙන් එකක් සමඟ තුන්වෙනි එක බෝනස් ලැබෙන වෙලාවලුත් එනවා නොවැ) ලොකු කමකට කියනවා නෙමේ. ඒත් ඉතින් නේද .....

එදා මං හිටියෙ නිතර ඉන්න සෙට් එක එක්ක නොවුනත් ටිකක් දන්න අඳුනන උං ටිකක් එක්ක. උන්ට මොකක්ද වාසියක් වෙලා කුණුවෙන්න ගහලා හිටියෙ. මම නම් ඉතින් වෙන වැඩ තිබ්බ නිසා රන්පත්‍රයකට වඩා ගිහින් තිබුනෙ නැද්ද මන්දා.

ඒකිගෙ හෝ මගේ අවාසනාවට මෙන්න හික්කඩුව ස්ටෑන්ඩ් එකේ ඉන්නවා ලස්සන කෙලි පොඩ්ඩක්. කෙලි පොඩ්ඩක් කිව්වට ඒකි ටිකක් අර 'ඇරගෙන ඇඳං ඇවිත් වහගෙන යන' ජාතියෙ එකියක්. ඉතින් අපේ සදාචාරෙ රකින උන්දැලා ගත්තෙ නැද්ද නීතිය අතට..

සුළු වදන් අවි ප්‍රහාර වලින් පටං ගත්ත කියවිල්ල ටික වෙලාවකින් මහාපරිමාණෙන් කෙරීගෙන යනවා. කෙල්ලට දැන් පොලොව පලාගෙන යන්න ඕනෙ තත්වෙ හැටියට. හැම අංගයක්ම ලස්සනට විස්තර වෙන හින්දා රෙදි නෑ වගේ ස්ටෑන්ඩ් එක මැද්දෙ. ඒකිට යන්නත් බෑ කොහෙවත්, මොකද ගිය ගිය පාර අපෙ උනුත් පස්සෙන් ගියා. දැන් ස්ටෑන්ඩ් එකේ මිනිස්සුත් බලනවා, බස්වල එහෙම ඉන්න කොල්ලන්ටත් සිරාම ආතල්. ඒකි අඬන්න ඔන්න මෙන්න. තව පොඩ්ඩායි.......

චටාස්. . . .

මූණෙ වම්පැත්තෙ යට හරියට කවුරුහරි ටෙනිස් බෝලෙකින් ගැහුවා වගේ... මුලින් හිරි වැටිල පස්සෙ රත්වේගෙන ගියා..... සෙට් එකම හොල්මන් .... මම එකපාරට පාර ආපු දිහා බැලුවෙ ආපහු කෙලලා අරින්න බලාගෙම.

වට පිට බැලුවා කවුරුත් නෑ, පහල බැලුවා ... නැවතුනේ රතුපාට තරහෙන් පුපුරණ ඇස් දෙකක් ගාව . දැකල පුරුදුයි වගේ....

මළා . . . .

ගහන්න මිට මොලවගත්ත අත තාම එහෙම්මම. පොත් ටිකත් තුරුලු කරගෙන. එවෙලෙ පෙනුන තරහෙ හැටියට නම් පිහියක් කඩුවක් වගේ තිබ්බනම් මට දඩල්ලෙ යන්න තිබ්බා. තත්පර කීපයක් බලාගෙන ඉන්නකොට තමයි එයාට ඉන්න තැන මතක් උනේ... ඒත් ඉතින් ගහපු එක ආපහු ගන්නයැ.

"තමුසෙ මේ හරක් එක්කද ඉන්නෙ?" මූණ දිහා පුපුරන බැල්මෙන්ම බලාගෙන කිව්ව. තත්පරයක් දෙකක් එහෙම ඉන්න ඇති..

'ම. . .ම මේ...."

"කථා....කරන්න එපා....." කියල එයා වේගෙන් ඇවිදගෙන ගිහින් අපේ ප්‍රහාරයට ලක්වෙච්ච කෙල්ල අතින් ඇදගෙන ස්ටේශන් එක පැත්තට ආපු වේගෙන්ම ගියා. ස්ටෑන්ඩ් එක ඉවරවෙන තැනදි ආපහු හැරිල පිච්චිල යන බැල්මක් දාන්නත් අමතක කලේ නෑ..

වෙරි වෙලා හිටියත් එකෙක්ට හරි කට හොල්ලගන්න පුළුවං උනේ දැන්.

"ඒ ක ක කවුද බං අර...."

මම ඉතින් මොනවා කියන්න කියලද, අලවංගුවක්වත් තිබ්බනං හාරගෙන යන්න තිබුනා කොන්ක්‍රීට් එක.




"කවුද බං දන්නෙ?......."

14 comments:

  1. ෂුවර් එකටම උඹ පැණි හලපු කෙල්ලෙක් වෙන්නැතී....... :D

    ඉතුරු කොටසුත් එනතුරා හිදිමි..... :D

    ReplyDelete
  2. අනේ මචෝ උබටත් වෙන දේවල්. ඊට පස්සෙ මොකෝ උනේ. උබනම් සතියක් විතර ගෙදරටම වෙලා ඉන්න ඇති කාපු චාටර් එකේ හැටියට.

    ReplyDelete
  3. අයියො අනෙ.... කො ඉතුරු ටික...
    හොදම ටික නෑ..
    ["කවුද බං දන්නෙ?......."]
    මටනම් හිතාගන්න පුලුවන්.. හිහි
    හොදවැඩෙ... කෙල්ලන්ට ඔහොම කරනවට...
    හිහි හිහි

    ReplyDelete
  4. අම්මට සිරි..මට මතකයි උබේ කම්බුල සතියක් විතර යනකම් රතුවෙලා තිබ්බා.. අඩේ උඩ පැනලාද බං ගැහැව්වෙ ? :P

    ReplyDelete
  5. මම මේ කතාව එක දිගට කියොනවා ඔන්න අද තමයි අප් අප්පේ කියලා මංගල කොමෙන්ටුව මංගල සටනට තිබ්බේ..සටනක් කොතනද එතන ඔන්න හිතුවක්කාරි...
    ඔය කවුද ගැහුවේ කියන එකත් ඔය මටයි ස්නොව් අක්කාටයි තෙරුනේ ගැහැනු මොලේට වෙන්න ඇති..වෙන කවුරු ගහන්නද...
    හොද වැඩේ කට වහන් ඉන්න බැරි කමට..මොකටද අනුන්ගේ රෙදි හොයන්න යන්නේ..තමන්ට හොද නම් මහ පාරකනේ යන්නේ කියලත් දන්නවා නම්...අනුන්ගේ සීනි කිරන්න යන්න ඔනේ නැ නේද... රත් වෙන්න ගහපු එක ප්‍රණාමය..

    ප:ලි : දිගටම ලියන්න සහෝ...ලස්සනයි ලියන තාලේ.. :)

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. හික්කඩුව ස්ටෑන්ඩ් නෙවෙයි නේද
    q එක වෙන්නැති..

    ReplyDelete
  8. @සෝරෝ

    'ක්' නෙමෙයි ;)

    @L200

    පස්සෙන්දා කොන්ඩෙ නෝට් එකටම කැපුවා, ආයෙ බැස්සෙ දවස් 4කට විතර පස්සෙ.

    හැබැයි ආරංචිය නං ගිහින් තිබ්බෙ මට ස්ටෑන්ඩ් එක මැද්දෙ බිම දාගෙන ලේ පනින්න ගැහුවාය කියල ;)

    @Snow Queen

    හෙහෙ, හිතාගන්න දෙයක් නෑනෙ?

    @බනී

    පලයං යන්න. සිද්ධාලේප තිබ්බා ගෙදර

    (සිරාවට නේහ්, කියනකං මතක් උනේනෑ)

    @නිම්ශා

    හප්පේ තෑන්ක්ස්

    හොයන්න ගියේ නෑනෙ, පොඩි ආතල් එකක් ගත්තා විතරයි. හැබැයි ඒ නංගි නම් පස්සෙ හොඳටම ෆිට් උනා 'වෙන හේතුවකට'

    @මේනක

    ප්‍රොෆයිල් එක හරියට දාපං ;)

    @තාරක

    q , q (ස්ටෑන්ඩ් එකේ ඕවා කලා නම් .... අපි .... හම්බෝ....)

    ReplyDelete
  9. අම්බලන්ගොඩ බස් ස්ටෑන්ඩ් එකේ හික්කඩුවෙ බස් කොහේද යකෝ ගහන්නේ..අම්මබල්ගොඩ හික්කඩුව රූට් එකක් නෑ....

    ReplyDelete
  10. හ්ම්ම්.. දඟ කොල්ලෙක් එක්ක යාලු වෙන කෙල්ලොන්ට ඉතින් සෑහෙන්න ඉවසන්න වෙනවා. අවුරුදු ගානකට කලින් හිත ඇතුලෙ වල දාපු මතකයක් මේ කතාව කියෙව්වට පස්සෙ මට වද දෙනවා. ඔයාගෙ බ්ලොග් එක මුල ඉඳන්ම කියවලා ඉවර කරා. ලිවීමේ හැකියාව නම් විශිෂ්ඨයි සහෝ.

    ReplyDelete
  11. පැණි හලපු කෑල්ලක් නෙමේ ඒ වෙනකොට පැණි කමින් හිටපු කෑල්ල වගේ, වැඩේ දුන්නේ.

    ReplyDelete
  12. @රත්ගමයා

    (මේ අගනගරෙ බං ;) )

    @පිණිබිඳු

    //දඟ කොල්ලෙක් එක්ක යාලු වෙන කෙල්ලොන්ට ඉතින් සෑහෙන්න ඉවසන්න වෙනවා//

    අනිත් පැත්තත් ඉතින් එහෙම්මම නෙව, බොහොම ස්තූතියි/සමාවෙන්න

    @Observer

    :D කොහොම හරි පැණි නෙව.

    ReplyDelete
  13. ලස්සනයි ලියන තාලේ.ලිවීමේ හැකියාව නම් විශිෂ්ඨයි

    ReplyDelete