Saturday, January 29, 2011

ඇරඹුම .....

ආයුබෝවන්....!

බ්ලොග් අවකාශයේ දැන් ටික කලකට කලින් ඉඳලා පැතිලිල ගිය රැල්ලක් තමයි ආදර කථා කියන්නෙ. සෑහෙන්න රසවත් සත්‍ය වගේම ප්‍රබන්ධ කථාත් ඕනේ තරම් ලියැවුනා (ලියැවෙයි ඉස්සරහටත්, මොකද ආදරය කියන්නෙ මූලික මිනිස් අවශ්‍යතාවක්නෙ ;) ) . ඊට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තුවෙන් මෙතැනට ආවානම් මුලින්ම මම සමාව ඉල්ලනවා.

මේ බ්ලොග් අඩවිය සම්පූර්ණයෙන්ම වෙන් වන්නෙ තවමත් මගේ කෙටි ජීවිතය ජීවත් කෙරෙව්ව ඒ හැඟීම වෙනුවෙන්.

දැනට පොඩි කොමාවක් (අපි අතරෙ නෙමෙයි, ඉස්සරට බලන්නකො ;) ) වැටිල තිබුනත් මෙතැන ලියැවෙන කථාව දැනටමත් ගලා යනව, ඒ නිසා සත්‍ය කථාව ප්‍රබන්ධයක් හැටියට ව්‍යාජ නම් ගම් භාවිත කරන්න සිදු වෙයි. මොකද ප්‍රධාන චරිත කිහිපයක් දැනටත් බ්ලොග් අවකාශයේ ක්‍රියාකාරී සමාජිකයන්.

පොඩි කාලෙ ඉඳලම හිතට ආවේගයක් ආවාම කාටවත් කියල හිත සැහැල්ලු කරගන්න පුරුද්දක් මගේ තිබුනෙ නැහැ. බොලඳ වෙන්න පුළුවන් ඒත් ගොඩක් වෙලාවට ඒ අඩුව පිරෙව්වෙ කොට්ටෙයි ජර්නල් එකයි විතරයි. ඒත් මේ සිද්ධි සම්බන්ධව නම් ජර්නල් එකවත් උදව් උනේ නැහැ. ඒත් හිත ඇතුලෙ ආවේගය පිට කරගන්න හොඳම ක්‍රමයක් තමයි 'කාටහරි' කියන්නෙ නැතුව 'හැමෝටම' කියන එක.

ඉතින් ඔන්න මම ලියනවා අපේ කථාව, සමහර විට හිතෙයි මේවා සිද්ධ වෙන්න පුළුවන් දේවල්ද කියලා, මටත් එහෙම නොහිතුන වෙලාවල් නැතව නෙමෙයි. ඒත් මේ කථාවෙදි ව්‍යාජ නම් ගම් මිසක් ව්‍යාජ සිද්ධි ඇතුලත් නොවෙනව කියල මම සහතික වෙනව, ඒත් අනන්‍යතාව ආරක්ෂා කරගන්න ඕන අවස්ථාවලදි වෙනස් කම් සිද්ධ වෙන්න පුළුවන්....


එහෙනම් දිගටම අපේ කථාව බලන්න.......

2 comments:

  1. I love this quote
    "මගේ කෙටි ජීවිතය ජීවත් කෙරෙව්ව ඒ හැඟීම වෙනුවෙන්. "
    :)

    ReplyDelete